කෝවිඩ්-19 නිසා දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවූ බලපෑම අවම කිරීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග අතර අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයකට අනුව, සෞන්දර්ය අධ්යක්ෂ ආචාර්ය නිශාද් හදුන්පතිරණ සර්ගේ මෙහෙයවීමෙන් සංගීත විෂය 3වන වාරයෙහි පාඩම් ඇතුලත් DVD 7ක් නිර්මාණය කිරීමට හැකිඋනා. වෙහෙසකර දින ගණනක් ඉතා සතුටින් අවසන් කිරීමට හැකිඋනේ තම දැණුම,ශිල්පීය හැකියාවන් දරුවන් වෙනුවෙන් නිර්ලෝබීව පරිත්‍යාග කිරීමට කැපවුන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ගුරු උපදේශකවරුන්,ගුරු භවතුන් සහ සංගීත ශිල්පීන් නිසාමය.මෙවන් අවස්ථාවලදීත් සමහරුන් දරුවන්ට ශිල්පය විකිණීමට පමණක් උත්සාහ ගන්නා අවස්ථාවක තමන්ගේ මුදල්ද වැය කරගනිමින් මේ කාර්යයට කළ කැපකිරීම වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමට මෙම සටහන තැබුවෙමි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී මෙම DVD පාසල් මට්ටමින් දරුවන් වෙත ලබාදීමටත් , E-තක්සලාව තුලින් අධ්‍යයනය කිරීමටත් අවස්ථාව ලබාදෙනු ඇත. රාග ගීත පටිගත කිරීමේදී අසිත් සර් ,ගයාන් මල්ලි කල කැපකිරීම් වලට විෂේස යෙන්ම ස්තුතියි .සෞන්දර්ය අධ්යක්ෂ ආචාර්ය නිශාද් හදුන්පතිරණ සර් නොවන්නට මේ කිසිවක් සිදු නොවනු ඇත
No comments:
Post a Comment